පොලිස්පති ධුරය ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය

පොලිස්පති ධුරය ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය

පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද (30) උදෑසන රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

පොලිස්පතිවරයාගේ ගැටලුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තවත් කරුණු ගණනාවක්ම එහිදී සාකච්ඡා කළ බව කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.