කන්කසන්තුරේ තැපැල් දුම්රියේ ගැටී වන අලි හතරක් මරුට

කන්කසන්තුරේ තැපැල් දුම්රියේ ගැටී වන අලි හතරක් මරුට

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 11.30ට පමණ වල් අලි රංචුවක් ගැටීමෙන් වන අලි සිව් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබේ.

මෙලෙස වන අලි දුම්රියේ ගැටීමෙන් දුම්රියේ එන්ජිමේ කොටසකට ද හානි සිදුව තිබේ.

අනතුරින් පැයකට පමණ පසු යලි දුම්රිය ගමන් ආරම්භ කර තිබේ.

Share This