ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය අද (19) රාත්‍රියේ නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි, එම කොමිසම සඳහන් කරන්නේ.

කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පසුගියදා ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවයි.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.