පළාත් පාලන ඡන්ද විමසීම ගැන අධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම ගැන අධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන වලට අදාළව ඡන්ද විමසීමේ කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කරනු ලැබ තිබුණි.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.