එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කළේය.

එසේම, එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට ඊයේ (14) පස්වරුවේ එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.