බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසයි.

ඒ අනුව, බිත්තරයක මිල රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අළෙවි වන බවයි, වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ අතර, සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650 ත් 675 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.