මිලියන 03ක බිත්තර තොගයක් මේ සතියේ දිවයිනට

මිලියන 03ක බිත්තර තොගයක් මේ සතියේ දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවය.

මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.