බිත්තර මිල පහළ දැමීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

බිත්තර මිල පහළ දැමීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසනවා.

උත්සව සමයේ බිත්තර නිෂ්පාදකයින් මිල අඩු කිරීමට පියවර නොගන්නේ නම් යළිත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

“රුපියල් 6කින් එක පාරටම බිත්තර අඩුවෙලා. මම ඒ ගැනත් පාරිභෝගික අධිකාරියෙන් වාර්තා ගන්නවා.

දිගින් දිගටම බලනවා අනිවාර්යයෙන්ම බිත්තරේ රුපියල් 40කටවත් ලබාදෙන්න බැරි නම් ආනයනය කරන්න වෙනවා.

මොකද උත්සව සමය ආරම්භ වෙනවා දෙසැම්බර්. කේක් නිෂ්පාදකයෝ බිත්තර විශාල ප්‍රමාණයක් ගන්නවා. මෙයාලට බිත්තර අඩු නම් අනිවාර්යයෙන්ම බිත්තර ආනයනය කරන්න වෙනවා.

එහෙම නැත්නම් පාරිභෝගිකයින්ට හරි මිලට බිත්තර දීලා ඔවුන්ව ආරක්ෂා කරන්න ඕනේ.”

බිත්තර නිෂ්පාදනය අඩු නම් අනිවාර්යයෙන්ම ආනයනය කිරීමට සිදුවනවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එසේ නොකිරීමට නම් නිෂ්පාදකයා තම නිෂ්පාදන නියම මිලට ලබා දෙමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි.