අද සිට බිත්තරයකට 18%ක වැට් බද්දක්

අද සිට බිත්තරයකට 18%ක වැට් බද්දක්

බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර මිලේ කිසිදු වැඩිවීමක් සිදු නොවන බව එම සංගමයේ ලේකම් එච්.එම්.බි.ආර්.අලහකෝන් මහතා පැවසීය.

බිත්තර අලෙවියෙන් ලබන ආදායම වැට් බද්දට යටත් වන බවත් බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරට බවත් ඔහු සඳහන් කළේය..

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ නිසා බිත්තර කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.