අද සිට බිත්තරයක් මිලදී ගත හැකි මිල

අද සිට බිත්තරයක් මිලදී ගත හැකි මිල

අද (22) සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඉදිරියේ දී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බවයි, එම සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා පැවසුවේ.

කෙසේ වෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ මෙරටට යළි බිත්තර ආනයනය කිරීම පිළිබඳව තීරණය අද දිනයේ දී දැනුම් දීමට නියමිත බවයි.