බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

ඉදිරියේදී බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 45ක් දක්වා පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙදපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි, එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර,

“අද වන විට පාරිභෝගික ජනතාවට බිත්තර රු. 35 සිට රු. 48 දක්වා බිත්තර වෙළෙදපොළෙන් මිලදී ගන්න තියෙනවා.

අපට බිත්තර ආනයනය කරන්න අවශ්‍යතාවයක් නෑ. ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු වේවි.

බඩඉරිගු ඉක්මනට ආනයනය කරන්න දුන්නොත් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් කියලා සත්ව ආහාරවල.

උපරිම සිල්ලර මිල බිත්තරවල රු. 45ට අඩුවෙන් තියාගන්න පුළුවන් වේවි.”

Share This