සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ සඳහා පත්කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිත අතර එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Share This