ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනයක් හටගෙන තිබේ.

මුලින් රික්ටර් මාපක 6.2ක් ලෙස සඳහන් කළ නමුත් පසුව එය සංශෝධනය කර ඇති බව සඳහන්.

ඒ අනුව, එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය.

භූ කම්පන‍ය ඇති වූයේ, සිමියුලු රීජන්සි හි සිනාබැං නගරයේ සිට කිලෝමීටර 62 ක් ගිනිකොන දෙසින්, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 30 ක් පහළින්.

භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.