
නව දිල්ලිය සෙලවෙයි
අද (17) අලුයම ඉන්දියාවේ නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබේ.
මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0 ක් ලෙස සටහන් වූ බවයි, ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ.
අලුයම 5:36 ට පමණ පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් හටගත් මෙම භූ කම්පනයත් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නිලධාරීන් තහවුරු කළේ, මෙම භූකම්පනයෙන් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.
මෙම කම්පනය හේතුවෙන් දිල්ලියේ ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් ඉවත් වීමට ද කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ, සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.