
කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
කැරිබියානු දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් රාජ්‍යයේ සිට උතුරු දෙසින් කිලෝමීටර් 32.1 ක් සහ කේමන් දූපත් වලට කිලෝමීටර් 209.2 ක් නිරිත දෙසින් පිහිටන බව ද ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටරිකා, හොන්ඩුරාස්, නිකරගුවා සහ කියුබාව යන රටවලටය.