ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක් – 53 ක් මරුට

ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක් – 53 ක් මරුට

චීනයේ, ටිබෙට් – නේපාල දේශසීමාව ආසන්නයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවන් පෙරවරු 9.00ට හටගත් මෙම භූමිකම්පාව රික්ටර් පරිමාණයේ එකක 7.1ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

මෙම භූමිකම්පාවේ බලපෑම අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති බව ටිබෙට් භූමිකම්පා සහන මූලස්ථානය උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පැවති බවට වාර්තා වන අතර, භූකම්පනයෙන් පසුව තවත් පසුකම්පන කිහිපයක් ද සිදුව තිබේ.