මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම් දීමක්
ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ට දැනුම්දෙයි.
ඒ අනුව, පහත සඳහන් ලියවිලි අතරින් ඕනෑම ලියවිල්ලක් ඒ සඳහා භාවිත කල හැකි බවයි, කොමිසම පවසන්නේ.
* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
මේ අතර, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (13) දිනයේද තැපැල් කාර්යාල වෙත ගොස් ඒවා ලබා ගත හැකි බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 350,000 කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් තැපැල් කාර්යාල තුළ ගොඩ ගැසී තිබෙන බවයි, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.