ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්, රත්නායක මහතා පැවසීය.

ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.