‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වයි

‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (9) එළිදැක්වීය.

ශ්‍රී ලංකාව අල්ලස, වංචාවෙන් සහ දූෂනයෙන් තොර රටක් බවට පත්කිරීමේ මූලික අරමුණ ඇතිව සකස් කළ මෙම ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ මෙම වසරේ සිට 2029 වසර දක්වා ක්‍රියාත්මක වේ.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වන වැඩසටහන් මාලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරයි.