දුමින්දට බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් දුන් බවට යන ප්‍රචාර බොරුලු

දුමින්දට බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් දුන් බවට යන ප්‍රචාර බොරුලු

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බන්ධනාගාර රෝහල තුළ මෙම සිරකරු ප්‍රථිකාර ලබන වාට්ටුවේ රෝගී වූ රැඳවියන් සඳහා පොදුවේ ලබාදී ඇති පහසුකම් වලට අමතරව, ආර්.දුමින්ද සිල්වා නැමති සිරකරු හට පමණක් කිසිඳු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නොමැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ.

ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඊයේ (16) දින ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර තිබෙනවා.

තවද, රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරනු ලබනවා.

රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදු කරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ පිළිබඳ බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 වගන්ති මගින් සඳහන් වනවා.

මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බවයි බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.