දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් වසර 20ක ක්‍රිකට් තහනමක්

දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් වසර 20ක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් හා කටයුතු කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදුකළ බවට වන චෝදනාව මත ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයේ ‘චර්යාධර්ම කොමිසම’ විසින් 2.23 වගන්තියේ යටතේ විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුවයි.

දුලිප් සමරවීර ඉන්දීය කාන්තා A කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත තරගාවලියේ දී ඔස්ට්‍රෙලියානු කාන්තා A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත්, මෙම චෝදනා අනාවරණය වීමත් සමග ඔහු ඉන් ඉවත් කෙරුණා.

දුලිප් සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ කාන්තා බිග්බෑෂ් ලීග් තරගාවලියේ දී Melbourne Stars කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා.

පසුව ඔහු පසුගිය වසරේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට පත් කෙරුණා.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීරගේ සහෝදර‍යෙකු වන දුලිප් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කර තිබෙනවා.

ඉන් විශ්‍රාම ගැනීමත් සමඟ වසර 10කට අධික කාලයක් ඔස්ට්‍රෙලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.