දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් විෂමාචාර චෝදනා

දුලිප් සමරවීරට ඕස්ට්‍රේලියාවෙන් විෂමාචාර චෝදනා

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට
බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ විනය පරීක්ෂණයක් කැඳවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයට අදාල පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවය.

52 හැවිරිදි දුලිප් සමරවීර, ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී
ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගැනීමට සිටි නමුත් මෙම විෂමාචාර චෝදනා අනාවරණය වීමත් සමඟම එම තනතුරින් ඉවත් වී ඇත.

ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු දුලිප් සමරවීර ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරු ලෙස කටයුතු කළේය.

1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කර තිබේ.