DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ව්‍යවසායකයෙක් වූ DSI නිශ්පාදන වෙළෙඳපලට හඳුන්වා දුන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක ධූරයක් හොබවන සජිත් රාජපක්ෂ මහතාගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට අද (22) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති

අලුයම 5.30 – 5.45 අතර T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාර 2 ක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සජිත් රාජපක්ෂ මහතා නිවස තුළ සිට ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුවී නැත.

සජිත් රාජපක්ෂ ඩි.එස්.අයි. සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂගේ මුණුබුරෙකි.

කිසියම් පුද්ගලික කරුණක් මුල්කරගෙන බිය ගැන්වීම සදහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැකකරයි.

 

Share This