කෝටි 13 ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සගවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 05 ක්, අයිස් මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට ආසන්න ප්‍රමාණයක් හා ඩාන්සින් පිල් නමින් හැඳින්වෙන මත් පෙති 800 ක් සමග පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන පිලාන කංකානම්ගේ ක්‍රිශාන් සංජුල හෙවත් “සංජු” නැමැති අයෙකු බවයි, පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන කාංචනා නම් කාන්තාවකට අයත් බවයි, හෙලිවී ඇත්තේ.
තවද මෙම නිවස එම කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද මෙම මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.