බීමත් රියැදුරන් අල්ලන මෙහෙයුම් අදත්
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් (01) ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
උත්සව සමයේ ප්‍රිය සම්භාෂණ හා විනෝද ගමන් යන පිරිස් බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙයි.
බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.