රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79ක් මරුට

රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79ක් මරුට

ඩොමිනිකන් රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් 79ක් මියගොස් ගොස් තිබේ.

ඉන් තවත් 160කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් උතුරු මොන්ටේ ක්‍රිස්ටි පළාතේ ආණ්ඩුකාර නෙල්සි කෲස් ද මියගොස් ඇතැයි වාර්තා වේ.

සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් රාත්‍රී සමාජ ශාලාවේ තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර වහලය කඩා වැටී තිබේ.

ජෙට් සෙට් යනු නිතිපතා නර්තන සහ සංගීත ප්‍රසංග පවත්වන අගනුවර ඇති ජනප්‍රියම රාත්‍රී සමාජ ශාලාවකි.

අනතුර සිදුවන අවස්ථාවේදී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400ක පිරිසක් කටයුතු කරමින් සිටී.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.