
ඩොලරය තවත් ඉහළට
මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.178ක අගයකින් සහ විකිණුම් මිල රු.0.135ක අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.292.72ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.301.30ක් ලෙසයි.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 293.25 – රු. 301.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.12 – රු. 301.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.00 – රු. 300.00
සෙලාන් බැංකුව – රු. 292.25 – රු. 300.25
කොමර්ෂල් බැංකුව – රු. 291.88 – රු. 300.50
අමානා බැංකුව – රු. 294.40 – රු.299.40