
ඩොලරයේ අගය පහළට
මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.073 ක අගයකින් සහ විකිණුම් මිල රු.0.086 ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.291.43ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.300.00ක් ලෙසයි.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 291.75 – රු. 299.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.88 – රු. 300.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 291.75 – රු. 298.75
සෙලාන් බැංකුව – රු. 292.00 – රු. 299.00
කොමර්ෂල් බැංකුව – රු. 290.39 – රු. 299.00
අමානා බැංකුව – රු. 293.40 – රු.298.40