ඩොලරයේ අගය තවත් පහළට

ඩොලරයේ අගය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.139ක අගයකින් සහ විකිණුම් මිල රු.0.140ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 288.40ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් රු. 297.48ක් ලෙසයි.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 289.00 – රු. 297.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.16 – රු. 297.74

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.25 – රු. 296.25

සෙලාන් බැංකුව – රු. 288.45 – රු. 295.95

කොමර්ෂල් බැංකුව – රු. 287.02 – රු. 296.75

අමානා බැංකුව – රු. 290.40 – රු.295.40