බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට සිර දඬුවම්

බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට සිර දඬුවම්

සිය බලු සුරතලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට නවසීලන්තයේ අධිකරණයක් විසින් මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර ලබා දීම හේතුවෙන් බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ මියයෑමත්, හේතුවෙනි.

මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද පැවසේ.

මෙම හිමිකරු විසින් දිනකට කුකුල් මස් කැබලි අටක් හෝ දහයක් , සුනඛ බිස්කට් මෙම සුරතලාට ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

සුනඛයා කෙතරම් තරබාරුවීද යත්, වෙදනලාවකින් හෝ සුරතලාගේ හද ගැස්ම ඇසීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.

සිර දඬුවමට අමතරව, හිමිකාරිනායට නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පනවා තිබේ.