හෙදියකගේ හිසට කතුරෙන් පහරදුන් දොස්තරට වන්දි ගෙවන්නැයි උසාවියෙන් නියෝග

හෙදියකගේ හිසට කතුරෙන් පහරදුන් දොස්තරට වන්දි ගෙවන්නැයි උසාවියෙන් නියෝග

කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමට යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ හෙදියට රුපියල් 50000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල් වලින් ගෙවිය ලෙස කුරුණෑගල මහ රෝහලේ අදාළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.

එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන්නේ.