වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී ඇති බවත් ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ අනුව, දැනට 62 ලෙස දක්වා තිබෙන වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස තවත් වසරකින් දීර්ඝ කෙරුණු ඇති.