වසර හතරට වෛද්‍යවරු 1700ක් රට හැර ගිහින්

වසර හතරට වෛද්‍යවරු 1700ක් රට හැර ගිහින්

වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගන්නා ලද නවතම දත්ත වලට අනුව පසුගිය වසර හතරක කාල සීමාවේදී වෛද්‍යවරුන් රට හැම වේගවත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

2000 වසරේදී වෛද්‍යවරු සීයකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති අතර පසුගිය වසරේදී මෙම සංඛ්‍යාව අටසීයකට ආසන්න වී ඇත.

මේ අනුව වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වී ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට එකතුවීමෙන් අනතුරුව රට හැර යන අතර නවතම ප්‍රවණතාවය නම් වෛද්‍ය පිට අවසාන විභාගය සමත්වන වෛද්‍යවරු රාජ්‍ය සේවයට එකතු නොවී රට හැර යාමයි.

සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය කෙරෙහි විශ්වාසයක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක් වන අතර තම දරුවන්ගේ අධ්‍යාපන හා සමාජ සුභසාධක සේවා කෙරෙහි විශ්වාසයක් නොමැති වීමද තවත් හේතුවක් බවට පත්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා ප්‍රජා සෞඛ්‍ය සේවා පද්ධති කඩා වැටීමත් බොහෝ දුෂ්කර දිස්ත්‍රික්කවල නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දුෂ්කරතාවන්ට පත්වීමත් ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

කඩනමින් මේ තත්ත්වය විසඳීමට රාජය අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාමාන්‍ය මහජනතාව සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී අතිවිශාල දුෂ්කරතාවයන්ට හා පෞද්ගලික අංශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී විශාල පිරිවැයකට මුහුණ දීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම රාජ්‍ය සේවයට පමණක් නොව පෞද්ගලික රෝහල්වලටද බලපාන බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි.