විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිගයක්
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 දෙනෙකුගේ හිගයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබූ විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව සැසදිමේ දි 2023 වර්ෂයේ නොවැම්බර් මස වනවිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිගය පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837කි.
එහෙත් විගණනයට ඉදිරිපත් කරණු ලැබු තොරතුරු අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව එම සංඛ්‍යාව 2740කි.
එමෙන්ම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 08කට අදාළව අනුමත තනතුරු 66ක් සදහා කිසිදු වෛද්‍යවරයකු පත්කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.
එහෙත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා තිබුණි.
විශේෂඥ වෛද්‍යවරුන් සේවයේ යෙදවීම සදහා විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12ක් තුල විශේෂඥ වෛද්‍යවරු 141ක් සේවයේ යොදාවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.