අගමැති දිනේෂ් ගුණවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අගමැති දිනේෂ් ගුණවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබේ.