නව දිල්ලි ගුවන් තොටුපොළේ වහලය කඩා වැටේ

නව දිල්ලි ගුවන් තොටුපොළේ වහලය කඩා වැටේ

අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලයක කොටසක් අද (28) අලුයම කඩා වැටී තිබේ.

අලුයම 5.30ට පමණ සිදුවූ එම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන් පෞද්ගලික මෝටර් රථ හතරකට සහ ටැක්සි රථ කිහිපයකට හානි වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, එම පර්යන්තයෙන් සියලුම පිටත්වීම් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඇතුල්වීමේ කවුන්ටර ද වසා දමා තිබේ.

මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර තුවාල ලැබූවන් රෝහල්වල ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි, සදහන් වන්නේ.

Share This