දිගම්බරම් සහ වේලු කුමාර් ගුටි බැට ඇනගනී | වීඩියෝ..

දිගම්බරම් සහ වේලු කුමාර් ගුටි බැට ඇනගනී | වීඩියෝ..

ශක්ති ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතව තිබූ දේශපාලන වැඩසටහනක පටිගත කිරීමක් අතරතුර, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටි බැට හුවමාරුවකින් අවසන් වී තිබේ.

මෙම ගුටි බැට හුවමාරුව සිදුව තිබුණේ සිරස රූපවාහිනියේ ස්ටයින් මැදිරි සංකීර්ණය තුළ සජීවී පටිගත කිරීමක් අතරතුරදීය.

පක්ෂ මාරුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලදී ඔවුන් එකිනෙකාට බැනගත් අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

එහිදී දිගම්බරම් මන්ත්‍රීවරයා වේලුකුමාර් මන්ත්‍රීවරයාට දමිළ භාෂාවෙන් “බාර් කුමාර්” යයි ආමන්ත්‍රණය කරන අතර වේලුකුමාර් ද ඔහුට බැණ වදී.

පසුව දිගම්බරම් මන්ත්‍රීවරයා සිය අසුනෙන් නැගිට වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදීමට තැත්කිරීමත් සමග ගැටුම ඇති වී තිබුණි.

සමගි ජන බලවේගය සමග සිටි වේලු කුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකු වන අතර බලන දිගම්බරම් මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකර ඇත.

එහි දර්ශන පහතින් නරඹන්න..