රිෂාඩ්ගේ සහ දිගම්බරම්ගේ ප්‍රබලයෝ රැසක් රනිල් සමග එක්වෙයි

රිෂාඩ්ගේ සහ දිගම්බරම්ගේ ප්‍රබලයෝ රැසක් රනිල් සමග එක්වෙයි

රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කර තිබේ.

එමෙන්ම, පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරු 11 දෙනෙක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වී තිබේ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නටරාජා රවිකුමාර්, මහලේකම් යෝගරාජා පිල්ලේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ සහාය පළ කිරීමට එක් වී ඇත.