
ඩයගමින් අතුරුදහන් වූ තරුණියගේ සිරුර කොත්මලේ ජලාශයෙන් හමුවේ
ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 ක් හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබි (01) දින හමුවු බව තලවකැලේ පොලිසිය පවසයි.
මෙසේ ඉහළ කොත්මලේ ජලාශයේ තිබී හමුවී ඇත්තේ ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි කාලිමුත්තු මගාලෙච්චුමී නැමැති තරුණියගේ සිරුරයි.
එම තරුණිය දින 3ක් සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
ඉහළ කොත්මලේ ජලාශය හාරහා ඉදි කර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාදුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍ර දේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩගැනීමෙන් පසු ඥාතීන් විසින් සිරුර හදුනාගෙන ඇත.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවට එම තරුණියගේ ඥාතීන් විසින් ඩයගම පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇත.
ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
සිරුර සම්බන්ධයෙන් ඩයගම පොලිසිය විමර්ෂණ සිදු කරයි.
