සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගැනීමේ නඩු සමථයකට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගැනීමේ නඩු සමථයකට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව නඩු විභාගයට ගැනුණු අතර අද (12) එම නඩු සමථයකට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කළ අධිකරණය, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බව දන්වා තිබේ.

ක්‍රියාත්මක වීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාල පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත්, අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියේය.

COMMENTS