
“ඩේසි ආච්චි”ට විදෙස් ගමන් තහනමක්
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ‘ඩේසි ආච්චී’ හෙවත් ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මීට අදාළ නඩුව අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි අධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මානසිංහ මහතා පැවසුවේ.
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ගිණුමට ලැබුණු ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව මෙලෙස නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.