
දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්රධාන මහේස්ත්රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය.
ඇප ලබා දෙනවාද යන්න ගැන හෙට දින සලකා බලන බව ද මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
විවෘත වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වරෙන්තුවෙන් දින 19කට පසු අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් විය.