දේශබන්දුට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි පෙත්සමක්

දේශබන්දුට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම අතරමැදි පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙසයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම ගොනුකර තිබේ.

බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, කොල්ලුපිටියේ රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.