දේශබන්දු තෙන්නකෝන්ට ඇප

දේශබන්දු තෙන්නකෝන්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ ඔහු අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී, මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙසයි.

2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.

පසුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.