දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් දී තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

COMMENTS