
දේශබන්දු අල්ලන්න සී.අයි.ඩී. කණ්ඩායම් 06 ක්
අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම, දේශබන්දු තෙන්නකොන් මහතා සම්බන්ධයෙන් ඔහුගේ බිරියගෙන් සහ පුතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්රකාශ සටහන් කර ගෙන තිබේ.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි පෞද්ගලික නිවසේදීය.
මාතර මහේස්ත්රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබුණි.