නංගිගේ සැමියා ඝාතනය කළ අයියාට මරණීය දණ්ඩනය

නංගිගේ සැමියා ඝාතනය කළ අයියාට මරණීය දණ්ඩනය

පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් සිය නැගණියගේ සැමියාට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ චෝදනා වලට වරදකරු කෙරුණු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණීය දණ්ඩනය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

2013 වසරේ අගෝස්තු මස 25 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පසුව සිය නැගණියගේ සැමියාට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීම තුළින් මිනී මැරීම් සිදු කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව නඩුව ගොනු කර තිබුණා.

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයකු බවත් නඩු විභාගයේදී අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.