බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම
යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.
බදුල්ල ,කැන්දගොල්ල ගම්මානයේදී 2010 ජුනි මස 19 වැනිදා දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රාවතී (35) නමැත්තිය ඝාතනය කළේ යැයි ඇගේ පුරුෂයා වන සුලෙයිමාන් ධර්මදාස නමැත්තාට විරුද්ධව බදුල්ල පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණ.
සැකකරු හා මරණකාරිය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට වෙනත් සබදතාවක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පාදයකට පහරදී ඇති බවත් නඩු විභාගයේදි අනාවරණය විය.