අතුරුදහන්ව සිටි සිව්දරු පියාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

අතුරුදහන්ව සිටි සිව්දරු පියාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

දින 06 ක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි සිව්දරු පියාගේ සිරුර මහවැලි ගගේ නාවලපිටිය දොරවාදෙණිය වැල් පාලම අසල තිබී හමු වූ බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටියි මහතා පැවසිය.

මෙසේ මහවැලි ගගේ පාවෙමින් තිබියදි හමුවුයේ, නාවලපිටිය පොලිස් වසමට අයත් තිස්පනේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයි.ජි.මුදියන්සේ නැමති (71) හැවිරිදි සිව්දරු පියාගේ සිරුරයි.

දින හයක් තිස්සේ තම පියා අතුරුදහන් වී ඇති බවට ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දියණිය විසින් නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

මහවැලි ගගේ නාදුනන මල සිරුරක් පාවෙමින් ඇති බවට ප්‍රදේශවාසින් විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මත සිරුර ගොඩගෙන පරික්ෂා කිරිමේදී එම සිරුර අතුරුදහන්ව සිටි සිව්දරු පියාගේ සිරුර බවට ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දරුවන් හදුනාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.