බෑනාගේ පොරොව පහරින් මාමණ්ඩිය මරුට

බෑනාගේ පොරොව පහරින් මාමණ්ඩිය මරුට

වවුනියාවේ මධුරා නගර් ප්‍රදේශයේදී බෑනා විසින් පොරොවකින් පහර දීම නිසා මාමණ්ඩිය ඊයේ (07) මියගොස් තිබේ.

මේ දෙදෙනා අතර කාලයක සිට දැඩි විරසකයක් පවතින අතර සිද්ධිය වූ දිනයේදී බෑනා මාමණ්ඩියගේ නිවස අසලට ගොස් ඔහුට බැණ වැදීම නිසා හටගත් බහින් බස් වීමක් දුර දිග යාම නිසා බෑනා මාමණ්ඩියට පොරොවෙන් පහර දී තිබේ.

බරපතල ලෙස තුවාල ලැබූ මාමණ්ඩිය වවුනියාව මහ රෝහලට රැගෙන යන අතරවාරයේ මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බෑණා හා මාමණ්ඩියට පහර දීමට යොදාගත් පොරොව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Share This